2020 වර්ෂයේ සමෘද්ධි ලාභීන් සවිබල ගැන්වීම - යෝජිත
01.තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි බැංකු සංගම් 02කි. මෙහි සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල් ඒකක 1884 කි. ඉන් ග්‍රාම නිලධාරී වසමකින් පවුල් ඒකක 05 බැගින් සවිබල ගැන්වීමට නියමිතය.
02. අඩු ආදායම්ලාභී පවුල් වලින් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සමත් දරුවන් 35 දෙනෙකු සඳහා ශිස්‍යත්ව ආධාර ලබාදීමට යෝජිතය
03. දිරිය පියස නිවාස සංවර්ධන වැඩසටහන මගින් එක් නිවසනට රු 150,000.00 බැගින් සමෘද්ධිලාභී පවුල් 06 ක් සඳහා නිවාසආදාර ලබාදීම
04. ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ රජයේ ප්‍රතිපාදන මත පවුල් 20ක් සඳහා ආධාර සැපයීම. ඒ යටතේ
| අංශය | සංඛ්‍යාව | |
| 01 | කෘෂී කර්මාන්ත | 05 |
| 02 | කර්මාන්ත සංවර්ධන | 03 |
| 03 | අලෙවි සංවර්ධන | 03 |
| 04 | සත්වපාලන | 06 |
05. මීට අමතරව සමෘද්ධි බැංකු සංගම් දෙක මගින් පුතිලාභීන් 300 දෙනෙකු සඳහා ණය වශයෙන් රු මි 10.5 පහත පරිදි ලබාදීමට නියමිතය.
| අංශය | ණය(රු මි) | |
| 01 | ස්වයංරැකියා ණය | 05 |
| 02 | නිවාස ණය | 02 |
| 03 | වගා ණය | 02 |
| 04 | පාරිබෝගික ණය | 1.5 |

















