දැක්ම
තිරසාර සංවර්ධනය තුලින් ප්‍රාදේශීය ජනදිවිය සමෘද්ධිමත් කිරීම
මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සපයමින් ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්වයේ තිරසාර සංවර්ධනය උදෙසා මානව සම්පත්,භෞතික සම්පත්,මූල්‍ය සම්පත් ඵලදායි උපයෝජනය තුලින් රාජ්‍ය,පෞද්ගලික,රාජ්‍ය නොවන ආයතන කාර්යක්ෂම සම්බන්ධීකරණයෙන් ප්‍රාදේශීය සංවර්ධනයේ පෙරගමන්කරු වීම.
හැඳින්වීම
අතීතයේ ආහාර අහේනිය (කරකොළ සාය බැමිණිතියා සාය) නියඟයෙන් හා සොළී ආක්‍රමණ නිසා මෙහි ජීවත් වූ මිනිසුන් මෙම ප්‍රදේශය අතහැරගොස් තිබේ. පසු කලෙක ගමේ වැව කුඩා වුයෙන් පුංචි එය විශාලකර ගව්වක් (සැතපුම් 04 ක්) දිග වැව් බැම්මකින් යුත් විශාල ජලාශයක් බවට පත් කළ නිසා ගාලෑගම,කළුන්දෑගම සහ සිස්සෑව යන අවට ගම්වල විසිරි සිටින ජනයා නැවත මහ ගමට (තඹුත්තේගමට ව්‍යවහාර කළ නමකි) පදිංචියට පැමිණායහ. ඉන්පසු බත බුලතින් හා පස්ගෝරසයෙන්ද සරුසාර ගමක් බවට තඹුත්තේගම පත්ව තිබේ.
වලගම්බා රාජ්‍ය සමය වන විට මහමග (තඹුත්තේගම) ජනයාට තම ආගමික වතාවත් ඉටුකර ගැනීම සඳහා සිද්ධස්ථාන කිහිපයක් තිබි ඇත. උතුරින් ගලෙන්බිදුනුවැව වැව විහාරය (වර්තමානයේ භික්ෂුණි ආවාසය) වෙඩිතියන ගල විහාරය, වෙහෙරගල විහාරය, ඔරුගල විහාරය, නල්ලඋලච්චිය රජමහා විහාරය ( වත්මන් තෙල්හිරියාව රජමහා විහාරය) සහ හීනුක්ගල විහාරය එම මධ්යස්ථානයන්ය.කෙසේවුවත් මෙම විහාරස්ථාන සොලී ආක්‍රමණ හා කොල්ලකැම් නිසා විනාශයට ගිය අතර නල්ලඋලච්චිය රජමහා විහාරය නිරුපද්‍රිතව පැවතිම ඉතිහාසය අමතක නොකරන ලෙස වර්තමානයේ ජිවත් වන්නන්ට කියා පැමක් ලෙස සිතිය හැක
1815 මාර්තු 02 දින ඉංග්රීසින්ගේ කපටි උගුලට හසුවිමේ ප්‍රතිඵලයක් වශයෙන් සරුසාර වු මෙම ප්‍රදේශ විවිධ විනාශයන්ට ලක්වි තිබේ. භූ සිතියම් උපයෝගීකොට සංවර්ධනයේ මුවාවෙන් සරුසාර තෙත්බිම් දිය පිරි ලොකු කුඩා වැව් පොකුණු මතින් දිගු මාවත් ඉදිකිරිමට පෙළඹිම නිසා මහත් ව්‍යසනයක් භූමියට සිදුවු බව පැරැන්නන්ගේ විශ්වාසය වි තිබේ. කෙසේ වුවත් දකුනේ සිට උතුරට රේල් පාර ඉදිවිම තඹුත්තේගමට විශේෂ අවස්ථාවකි. මෙම රේල් පාර තඹුත්තේගම හරහා ඉදිවීම මෙහි විසූ සාම්ප්‍රදායික ග්‍රාමීය වැසියන්ට විශ්මය ගෙන දෙන්නක් විය. දින ගණන් කල් මරමින් ඉදිවන මෙම අපූරු නිර්මාණය කුමක් දැයිගම්වැසියෝ නෙත් දල්වා බලා සිටියහ.පසුව එහි ප්‍රථිඵල වශයෙන් ඉදි වූ දුම්රිය ගමනාගමනය දුටුවන් මවිතයට පත් කර තිබේ.ඒ සමගම
- මහ පාර උතුරට ඉදිවීම
- පාසලක් ඉදිවීම (ගාමිණි මහ විදුහල- වර්තමාන ප්‍රාථමික විදුහල)
- ඩිස්පැන්සරියක් ඉදිවීම(වර්තමාන ආයුර්වේද රෝහල)
- පී.ඩබ්.ඩී. බංගලාව ඉදිවීම(ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව)
- දුම්රිය නැවතුම්පලක් ඉදිවීම
ආදී සංකීර්ණ ක්‍රියාවලියක් මෙම ප්‍රදේශය කරා ගලා ඒමත් සමඟ නාගරීකකරණයේ ආරම්භය සිදුවී ඇත. ඒ අනුව 70 දශකය අවසානයේ තඹුත්තේගම ප්‍රදේශය සුවිශේෂි කඩඉමක් පසු කරනු දක්නට ලැබේ.
කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරී වසම්වල පිහිටීම

අරම්භය :1988.01.14
තලාව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ උපකාර්යාලයක් ලෙස
| ප්‍රාදේශිය උප දිසාපති / ප්‍රාදේශිය ලේකම් | දිනසිට | දක්වා | |
| 01 | එච්.එම්.කරුණාරත්න මහතා වැ.බ | 1988.01.14 | 1988.01.31 |
| 02 | බී.එච්.එම්.ගුණරත්න මහතා වැ.බ | 1988.02.01 | 1990.11.30 |
| 03 | වයී.එම්.ඉන්ද්රාකුමාරි මිය | 1990.12.01 | 1991.10.31 |
| 04 | වයී.එම්.කේ.හේරත් මහතා වැ.බ | 1991.02.01 | 1991.05.14 |
| 05 | ටී.පී.ජී.නීල්දඅල්විස් මහතා | 1991.05.15 | 1996.08.24 |
| 06 | එල්.එච්.සිරිල් මහතා වැ.බ | 1996.08.25 | 1996.09.03 |
| 07 | ඒ.එම්.කේ.බී.අධිකාරි මහතා වැ.බ | 1996.09.24 | 1998.05.04 |
1988.05.14. ප්‍රදේශීය මහ ලේකම් කාර්යාලයක් බවට පත් කිරිමෙන් පසු
| 01 | ඒ.පී.එම්.අරියවංශ මහතා වැ.බ | 1998.05.05 | 1998.07.14 |
| 02 | ලලිත් දොඩම්කොටුව මහතා වැ.බ | 1998.07.15 | 2000.05.23 |
| 03 | බි.කේ.සෝමපාල මහතා | 2000.05.24 | 2006.08.01 |
| 04 | එස් සේනානායක මහතා | 2006.08.02 | 2006.10.04 |
| 05 | ටී.මනම්පේරි මහතා | 2006.11.01 | 2009.05.15 |
| 06 | .එම්ඒ.එම්.රංජනීපෙරේරා මිය | 2009.09.17 | 2013.03.24 |
| 07 | ජේ.ඩබ්.එස්.කිත්සිරි මහතා වැ.බ | 2013.03.25 | 2014.03.31 |
| 08 | ඊ.ඒ.ස්වර්ණා එදිරිසිංහ මිය වැ.බ. | 2014.04.01 | 2014.06.03 |
| 09 | එච්.එන්.එම්.රේණුකා වන්සේකර මිය | 2014.06.04 දින සිට |

















